ගාල්ලේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මැයිදින රැළිය සඳහා සහභාගී වූ බව කියන පනස් තුන් හැවිරිදි (53)පුද්ගලයකු තමා පැමිණි බස් රථය මඟ හැරී දක්ෂිණ අධිවේගී පිවිසුම් මාර්ගයේ නුගදූව ප්‍රදේශයේ සිටියදී හදිසියේ ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් අද (07) රාත්‍රීයේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

කැළණිය ප්‍රදේශයේ සිට බස් රථයකින් ගාල්ලේ පැවැති මැයිදින රැළිය සඳහා මෙම පුද්ගලයා සහභාගී වී ඇති අතර රැළිය අවසානයේ ඔහු පැමිණි බස් රථය නැවත පිටත්ව ඇති බව දැන ගාල්ල නුගදූව ප්‍රදේශයේ සිටියදී හදිසියේ මොහුට හෘදයාබාධයක් වැළඳී තිබේ.

රෝගී තත්වයත් සමග අසල නිවසකට ගොස් ඇති මෙම පුද්ගලයා දුටු නිවැසියන් වහාම අක්මීමණ ප්‍රදේශය භාරව ආවරණ කටයුතු සිදුකරන සුවසැරිය (1990) හදිසි ප්‍රතිකාර ගිලන් රථයක් ගෙන්වා රෝගියා රෝහල් ගත කිරීමට කටයුතු කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *