මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් යුද සැමරුම හෙට දිනයේදී සැමරීමට සියල්ල සූදානම් කර තිබියදී පුනරුත්තාපනය වූ  හිටපු එල්.ටී.ටී.ටී.ඊ සාමාජිකයින්ගෙන් සැදුම්ලත් පක්ෂයක් වන ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්ගේ පක්ෂ සාමාජිකයින් පිරිසක් අද (17) මිය ගිය ඥාතීන් පිරිසක් සිහිපත් කළහ.

වෙල්ලමුල්ලි වයික්කාල් නැගෙනහිර පිහිටි යුද සැමරුම් ස්මාර්කය අසලදී ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්ගේ පක්ෂ සාමාජිකයින් පහන් දල්වා මිය ගිය ඥාතී හිතමිතුරන් සමරනු ලැබුවේ හෙට දිනයේදී පැවැත්වීමට තිබෙන ප්‍රධාන සැමරුමට පෙරාතුවය.

මේ අනුව වෙල්ලමුල්ලි වයික්කාල් යුද සැමරුමට අවශ්‍ය සැරසිලි කටයුතු යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් සිදු කරන අතර අදාල සැරසිලි කටයුතු නිරීක්ෂණය සඳහා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතාද පැමිණ විශ්ව විද්‍යාල සිසුන් සමඟ සාකච්ඡාවකද නිරත වුහ.

ඉන්ධන මිල ඉහළ දැමීමට සමගාමීව විදුලිය සහ ජල ගාස්තු ද ඉහළ දැමීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වේ.

ඩීසල්, පෙට්‍රල් හා භූමිතෙල් මිල ඉහළ දැමීමට සාපේක්ෂව දැවිතෙල් මිල ගණන් ද ඉහළ යන බැවින් විදුලිය ගාස්තු ද ඉහළ දැමීමට සිදුවනු ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් ‘ඉරිදා ලංකාදීප’යට පැවැසීය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව දැවි තෙල් ලීටරයක් රුපියල් 80 ක පමණ මිලකට විදුලිබල මණ්ඩලයට දැනට සපයන අතර නව මිල ගණන් අනුව දැවි තෙල් ලීටරයක මිල රුපියල් 90 ක් පමණ වනු ඇතැයි ඔහු සඳහන් කළේය.

දැවි තෙල් සඳහා යන පිරිවැය වැඩිවන බැවින් විදුලිය ගාස්තු වැඩිකිරීම හැර වෙන විකල්පයක් නොමැති බව ද ඔහු සඳහන් කළේය.
මේ අතර ජල ගාස්තු වැඩි කළ යුතු බව ජල සම්පාදන හා නගර සැලසුම් ඇමැති රාවුෆ් හකීම් මහතා කැබිනට් මණ්ඩලයට යෝජනා කර ඇතැයි වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය බදාදා පැවැති කැබිනට් රැස්වීමේදී රාවුෆ් හකීම් ඇමැතිවරයා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇතැයි රජයේ ආරංචිමාර්ග කියයි.

ජල බිල වැඩිකිරීම සම්බන්ධයෙන් කාලයක සිට කතා කරන නමුත් විසඳුමක් ලැබී නැතැයි පවසා ඇති ඇමැතිවරයා ජල බිල වැඩි කිරීම පිළිබඳව සලකා බලන්නැයි නැවත ඉල්ලීමක් කර ඇත.

ඇමැති හකීම් මහතා මෙම යෝජනාව කර ඇත්තේ ඉන්ධන මිල වැඩිකළ යුතු බවට ඉදිරිපත් වූ යෝජනාව පිළිබඳව සාකච්ඡා කළ අවස්ථාවේදීය.

රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 159.55 ක් දක්වා අද (17) පහළ ගියේය.

රුපියලේ විකුණුම් අගය මෙතරම් දුරට පහත වැටුණු පළමු අවස්ථාව මෙය වූ අතර මැයි මස 11 වැනිදා ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් රුපියලේ අගය 159.29ක් ලෙස දැක්විණි. එය මීට පෙර රුපියල පහත වැටුණු ඉහළම අගය විය.

මේ වසරේ ජනවාරි 1 වැනිදා මැයි 11 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල 3.2කින් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

රුපියල වැඩි වශයෙන් අවප්‍රමාණය වූයේ අප්‍රේල් මස අගදී සහ මැයි මස මුලදී යැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසරේ තෙවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය නිකුත් කරමින් (11) සඳහන් කළේය.

පසුගිය වසරේදී රුපියල සියයට 2.5කින් සහ 2016 වසරේදී රුපියල සියයට 3.9කින් අවප්‍රමාණය වුණු බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තාවල දැක්වේ.

සැකකටයුතු ලෙස මියගොස් සිටි දෙහැවිරිදි පිරිමි දරුවකුගේ මළ සිරුරක් සීනි වැඩි වීමකින් මිය ගිය බව පවසා හදිසි මරණ පරීක්ෂණ සිදු නොකර අවසන් කටයුතු සිදුකිරීමට සුදානම් ව සිටියදී පොලිසිය එය වළක්වා  අධිකරණ නියෝග මත අද (15) මළ සිරුර පශ්චාත්  මරණ පරීක්ෂණය සඳහා යොමු කළ බව මාලිගාවත්ත පොලිසිය කියයි.

දරුවාගේ සිරුරේ   වම් කකුලේ   පිළිස්සුම් තුවාල දක්නට ලැබුණ බවද පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මොහොමඩ් අලී මොහොමඩ් උස්මාන් ඉකම් නැමැති පිරිමි දරුවෙකි.

මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වන ලෙසට ලැබුණු අධිකරණ නියෝගය අනුව  අද මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය  මගින් ලබාදෙන ජලය දැනට දින 5 ක සිට නොලැබුණු බව කියමින් ප්‍රදේශවාසීහු අද (16) උදෑසන පුත්තලම එම කාර්යාලය ඉදිරිපිට  විරෝධතාවයක් ඇරඹුහ.

එක් දිනක් ජලය  නිකුත් නොකර බව පවසා දින 5 ක් ජලය ලබා නොදීම හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්වී ඇති බවත්,මේ නිසා ඇඳුම් සොදා ගැනීමට නොහැකිව අද දින සමහර දරුවන් පාසල් නොගිය බවත් ඔවුහු පවසති.

එම පිරිස අතර එක් පුද්ගලයකු එම කාර්යාලයේ ප්‍රධාන ගේට්ටුව අවහිර  වන ලෙස ‍පෙට්‍රරල් බෝතලයක් තබා ගෙන මෙයට නිසි විසඳුමක් නොලැබේ නම් තම සිරුරට ගිනි තබා ගන්නා බවද බව  ඔහු පවසයි.

අපිට නල ජලය නොමැති නම් ජලය ලබා ගැනීමට කිසිදු වැවක්, ළිඳක් නොමැති බවත් නල මගින් ජලය දෙන්න අපහසු නම් බවුසර් මගින් ජලය ලබාදීම යුතුකමක් වන බවත් මෙම ආයතනය කිසිදු වගකීමකින් තොරව වැඩ කරන බව ගම්මු චෝදනා කරති.

මේ පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ දිස්ත්‍රික් ඉංජිනේරු අරුණ රන්දෙණිය මහතාගෙන් කළ විමසීමක දී ඔහු පැවසුවේ නව ජලනල පද්ධතියේ වැඩ කටයුතු නිසා කිසියම් ප්‍රමාදයක් සිදුවන බවත් අද (16) සවස් වන විට ජලය ලබාදීමට හැකි බවත්ය.

තියුණු ආයුධ රැගෙනවිත් නිවැසියන් බිය ගන්වා උතුරු පළාත තුළ ගෙවල් බිඳුම් හා මංකොල්ලකෑම් රැසක් සිදුකළ සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයින් පස්දෙනකු ඊයේ (15) මන්නාරම ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය කියයි.

සැකකරුවන් විසින් නිවාස වලින් සොරාගත් රුපියල් 19 ලක්ෂයකට අධික වටිනාකමින් යුත් රන් භාණ්ඩ තොගයක් ද සොයා ගත් බව පොලිසිය කියයි.

මුහුණු ආවරණය කර තියුණු ආයුධ රැගෙන පැමිණි කණ්ඩායමක් විසින් වවුනියාව ඊච්චන්කුලම ප‍්‍රදේශයේ නිවසක් කොල්ලකා රුපියල් ලක්ෂ 20 ආසන්න වටිනාකමින් යුත් රන්භාණ්ඩ හා මුදල් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වවුනියාව නොවිසිඳුණු අපරාධ විමර්ශන ඒකකය සිදුකළ විශේෂ විමර්ශනයකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලිය විසින් උතුරු පළාතේ විවිධ ප‍්‍රදේශවල සිදුවූ ගෙවල් බිඳුම් හා මංකොල්ලකෑම් සිද්ධීන් හතකට පමණ අවශ්‍ය සැකකරුවන් පිරිසක් බව පොලිසිය සඳහන් කරයි.

සැකකරුවන් පස්දෙනා දීර්ඝ කාලයක් බන්ධනාගාර ගතව සිට පැමිණි පිරිසක් බවත් බන්ධනාගාර තුළදී සංවිධානය වී මෙම කොල්ලකෑම් සිදුකර ඇති බවට විමර්ශන වලදී අනාවරණය වූ බවත්ය.

සැකකරුවන් කොල්ලකෑම් සඳහා භාවිතා කළ යතුරු පැදියක්, තියුණු ආයුධ හා යකඩ පොලූ කිහිපයක් අත්අඩංගුවට ගත් අතර විවිධ ප‍්‍රදේශ වලින් සොරාගත් රත‍්‍රං විකුණා ලබාගත් බිල්පත් රැසක්ද සැකකරු සතුව තිබී සොයා ගෙන තිබේ.

කොල්ලකෑම් සිදුකර ලබාගත් මුදල් සැකකරුවන් මත්ද්‍රව්‍ය ලබාගැනීමට හා සූදු ක‍්‍රීඩාවේ යෙදීම සඳහා වියදම් කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් , මන්නාරම , ත‍්‍රිකුණාමලය, මාන්කුලම හා වවුනියාව යන ප‍්‍රදේශවල පදිංචි 21 ත් 30 අතර වයසේ පසුවන්නෝ වෙති.

ත්‍රීරෝද සඳහා ඉන්ධන සහනාධාරයක් ලබා දීමට රජය කටයුතු නොකරන්නේ නම් ලබන සඳුදා සිට අනිවාර්යයෙන්ම ත්‍රීරෝද රථ ගාස්තු වැඩිකරන බව ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රීරෝද රථ සංගමය සඳහන් කරයි.

ලක්‍ෂ අටහමාරක් පමණ වන ත්‍රීරෝද රථ රියදුරන් සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවද එම සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ලංකාදීපයට පැවැසීය.

වැඩිවන ජීවන වියදම හමුවේ ඉන්ධන මිළ ඉහළ යෑම තම සාමාජිකයන්ට දරා ගැනීම අපහසු බවත් රජය ත්‍රීරෝද රියදුරන් සඳහා ඉන්ධන සහනාධාරය ලබා නොදෙන්නේනම් දැනට පළමු කිලෝමීටරය සඳහා අයකරනු ලබන රුපියල් 60 ගාස්තුව රුපියල් 80 දක්වා ඉහළ දමන බව සභාපතිවරයා සඳහන් කළේය

රජය ඉහළ දමනු ලැබූ ඉන්ධන මිලට සාපේක්ෂව බස් ගාස්තුවද වහාම ක්‍රියාත්මක වන පරිදි සියයට පහළොවකින් ඉහළ දැමීමට රජය අවසර ලබාදිය යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ‍ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවැසීය.
රජය බස් ගාස්තු වැඩිවීමකට අවසර නොදුණහොත් සියලු බස් සංගම් ඒකරාශී කර බස් ගාස්තු වැඩිවීම වෙනුවෙන් අඛණ්ඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවද ඔහු පැවැසීය.
ඉන්ධන මිල ගණන් මෙවැනි විශාල අගයකින් ඉහළ දැමීම ප්‍රවාහන ක්ෂේත්‍රයට ඉතා තදින් බලපාන බවත් යහපාලන රජය බලයට පැමිණි දවසේ සිට ‍පොදු ප්‍රවාහනය වෙනුවෙන් කිසිවක් නොකළ බවත් අංජන ප්‍රියන්ජිත් මහතා කීවේය.
බස් ගාස්තුව ඉහළ දැමීම සඳහා ඉදිරි සතිය ඇතුළත ජාතික ගමනාගමන කොමිසම සහ ප්‍රවාහන අමාත්‍යාංශය ක්‍රියා කළ යුතු බව පැවැසූ අංජන ප්‍රියන්ජිත් මහතා ඒ පිළිබඳව තවදුරටත් ඉල්ලීම් ඉදිරිපත් කිරීමට බස් හිමියන් කටයුතු නොකරන බවද කීය. ඒ නිසා බස් ගාස්තුව වෙනුවෙන් ඉදිරි සතිය තුළ වර්ජනයකට අවතීර්ණ වීමට සියලු කටයුතු අද (11) සිටම සූදානම් කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

නීතිය භාර ඇමති තලතා නෝනගේ තක්කඩි ඇක්ෂන් එක දැක්කම මටම ලැජ්ජ හිතුනා ඕයි…

Posted by Tharuna Aruna on Tuesday, May 8, 2018

ශරීරයට කොලෙස්ටරෝල් දෙයාකාරයකින් ලැබේ. ඒ අප ආහාරයට ලබා ගන්නා ද්‍රව්‍යවලින් සහ මිනිස් සිරුර තුළම නිපදවෙන කොලෙස්ටරෝල් ලෙසයි. ආහාර මගින් ලැබෙන කොලෙස්ටරෝල් ආයුර්වේදයේදී බහිර්ජනක කොලෙස්ටරෝල් ලෙසත් සිරුරෙන් නිපදවෙන කොලෙස්ටරෝල් අන්තර්ජනක කොලෙස්ටරෝල් ලෙසත් හැඳින්වේ.

මෙලෙස රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යන පුද්ගලයන්ගේ කිරීටක ධමනි අවරෝධයට ලක්වීමට ඇති ඉඩ ඉහළ යයි. එවැනි රෝගීන් හෘදයාබාධවලට ලක්වීමේ වැඩි අවදානමක් ඇති අතර ශ්‍රී ලංකාවේද හෘදයාබාධවලින් වන මරණ ඉහළ යෑමට මෙම තත්ත්වය හේතු වී ඇත.

රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යන රෝගීන් බහුල වශයෙන් බටහිර වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම වෙත යොමු වුවද දේශීය චිකිත්සාව තුළද ඉතා දියුණු ප්‍රතිකාර පන්තියක් කොලෙස්ටරෝල් වෙනුවෙන් ඇත. එහෙත් රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ ගිය පුද්ගලයෙකු දේශීය වෛද්‍ය ප්‍රතිකර්ම වෙත යොමු විය යුත්තේ වෛද්‍ය අධීක්ෂණය යටතේය. එහෙයින් කොලෙස්ටරෝල් මර්දනයට සුදුසු

ඖෂධ පන්තීන් මෙවැනි ලිපියකින් දැක්වීම සුදුසු යැයි සිතිය නොහැක.

එසේ වුවත් ඕනෑම කෙනෙකුට ගෙදරදී සාදාගත හැකි භාවිත කිරීම අගුණ නැති අත් බෙහෙතක් පිළිබඳ විමසා බැලීම මෙම ලිපියේ අරමුණ වෙයි.

මෙම ඖෂධය සාදා ගැනීමට ඕනෑ කරනුයේ නිවසේ එදිනෙදා භාවිත කරනා සුලබ කුළුබඩු විශේෂ කිහිපයකි. ඒවා නම් උළු හාල්, සියඹලා දලු, කළුදුරු, කරපිංචා, ගොරකා, සුදුලූනුය.

මේවා අතරින් ගොරකා ඇඹුල් රසයෙන් යුත් සාම්ප්‍රදායික රසකාරකයකි. එහි ඇඹුල් රසය කොලෙස්ටරෝල් නසන්නට උපකාරී වන්නේය. හෘදය හිතකර ගොරකා ආහාර රුචිය වඩවන, සිරුරේ මේදය දහනය කරනා ගුණ සහිත දේශීය කුළුබඩු විශේෂ අතරට අයත්ය.

කරපිංචාද රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අවම කරන්නට සමත්ය. විෂ වෙදකම් මෙන්ම තවත් චිකිත්සා ගණනකටම භාවිත කරනා කරපිංචා අග්‍රගණ්‍ය ඔසුවකි.

සුදු ලූනු ද රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අවම කරති. එහි ප්‍රතිඔක්සිකාරක ගුණයද ඉහළය. උළුහාල්ද එසේමය. එහි ඖෂධීය ගුණ ලාංකිකයා දැන සිටියේ කලක සිටය. කොලෙස්ටරෝල් නැසීමට අමතරව ‍ලේ පිරිසිදු කිරීමේ ගුණයෙන්ද උළුහාල් ‍පොහොසත්ය.

තීක්ෂණ ගුණයෙන් යුත් කළුදුරු කොලෙස්ටරෝල් සහ වාත, කප (සෙම්) දෝෂ නැසීමට සමත්ය.

උළුහාල්, කළුදුරු, සියඹලා දලු, ගොරකා, කරපිංචා සුදුලූනු යන ද්‍රව්‍ය සියල්ල සම පමණින් ගෙන එකට අඹරා ගැනීම පළමුව කළ යුතුය. යම් අපහසුවක් වෙතොත් ගොරකා මඳ වෙලාවක් පෙඟෙන්නට තැබිමට හැක. ඊට අමතරව උණුවතුර ස්වල්පයක් එක්කර ගැනීම මගින්ද පහසුවෙන් අඹරා ගත හැක.

මෙලෙස අඹරා ගෙන සාදාගත් ගුලිය ශීතකරණයක (අධි ශීතකරණයක නොවේ) තබා ගෙන තිබ්බටු ගෙඩියක ප්‍රමාණය දිනකට ආහාරයට ගත යුතුය.

දැනටමත් ඔබ රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළ ගොස් ඇති අයෙකු නම් මෙම ඖෂධය සතියකට දින හතරක් පහක් පමණ ආහාරයට ගැනීම ප්‍රමාණවත්ය. එය ඔබ ලබා ගන්නා වෙනත් බටහිර ඖෂධ සමග ගැටීමක් නොවනා බව විශේෂයෙන් සඳහන් කළ යුතුය.

ඔබේ කොලෙස්ටරෝල් මට්ටම අවදානම් තත්ත්වයට පැමිණ නැති කෙනෙකු වුවද අනාගත ආරක්ෂාව තකා මෙම ඖෂධය භාවිත කළ හැක. එහෙත් එවැනි කෙනෙකු දෛනිකව භාවිත කළ යුතු නොවේ. සතියකට දින දෙක තුනක් තිබ්බටු ගෙඩියක ප්‍රමාණය ආහාරයට එක්කර ගැනීම මගින් අනාගතයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යෑමේ අවදානමෙන් මිදිය හැක.

ඇතැම් අය මේ ගුලිය සාදා ගැනීමට කුරුඳු ‍පොතුද එක්කර ගැනීමට පුරුදුව ඇත. කුරුඳු ‍පොතුද කොලෙස්ටරෝල් නසනා ගුණය සහ ප්‍රතිඔක්සිකාරක ගුණ බහුල කුළුබඩු විශේෂයකි. එහෙත් කුරුඳු ‍පොතු මේ සඳහා එක් කරගැනීම අත්‍යාවශ්‍ය නැත.

මේ සඳහා යොදා ගන්නා සුදුලූනු ගොරකා, උළුහාල් නූතන විද්‍යාත්මක පරීක්ෂණවලින්ද තහවුරුව ඇත. මෙකී ඖෂධ ලබා ගන්නා අතරතුර කය වෙහෙසා වැඩ කිරීම, නියමිත ව්‍යායාම්වල යෙදීම වැනිදේ මගින් ඔබේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කර ගැනීමට හැක. හානිකර කොලෙස්ටරෝල් සත්ව මාංශ තුළ බහුලව අඩංගු වේ. ඒ අතරින් ඌරු මස්. හරක් මස්, ඉස්සන්, ‍පොකිරිස්සන්, දැල්ලන් ප්‍රමුඛස්ථානයක් ගනී, මෙවැනි ආහාරවලින් වැළකී සිටීමද යහපත් සෞඛ්‍යයක් වෙනුවෙන් ඔබට උපකාරී වෙයි.

මෙම ලිපිය නාවින්න බණ්ඩාරනායක ආයුර්වේද පර්යේෂණායතනයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරිනී රුවිනි ප්‍රීතිකා මෙන්ඩිස් සමග සාකච්ඡා කර ලියැවෙන්නකි.